නාගරික ජනාවාස ආශ්‍රිත ප්‍ර දේශවල කඩිනම් වගා සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ව්‍යාපෘතිය අදියර 04කින් සමන්විතයි. එහි පළමුවැන්න කිඹුලාවල ආදර්ශ වෙල්යායයි. එහි අක්කර 100 ක් දැනටමත් වගා කර තිබේ. මාදිවෙල මඩ හා ගොඩ ඉඩම් අක්කර 23 ක් වගා කර
සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. මිරිහාන ප්‍ර දේශයේ අක්කර 10 ක වගා කිරිමට ද මේ වනවිට පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 04 වන අදියර යටතේ ශ්‍රි ජයවර්ධනපුර රෝහල ආශ්‍රිත ඉඩම් අක්කර 80 ක් වගා කර සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි.
මාදිවෙල වගා ව්‍යාපෘතියේ පර්චස් 80 බැගින් වු කුඹුරු කට්ටි 26ක්, පර්චස් 03,04,05 බැගින් වු එළවළු කට්ටි 44 ක වගා කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා ආරක්ෂක අංශ සහයෝගය ද ලබාගෙන තිබේ. ගොඩ මඩ වගාවන් සිදුකෙරෙන අක්කර 13 ට අමතරව ඉතිරි අක්කර 10 ක යටිතල පහසුකම් ද මේ වන විට සංවර්ධනය කර තිබේ. ඒ අනුව එම ප්‍ර දේශයේ කිලෝමීටර් 1.5 ක ඇවිදින මංතීරුවක් හා පාපැදි ධාවන මංතීරු 02 ක් , ළමා උද්‍යානයක්, එළිමහන් ව්‍යායාම් ප්‍ර දේශයක් මෙන්ම යල මහ දෙකන්නයේ වගා කිරිම සදහා ජලය සපයන වැව් දෙකක් ද ඉදිකර ඇත. මෙම වගාවන් සදහා කාබනික පොහොර යොදා ගැනීම විශේෂත්වයකි. කුඹුරු ආශ්‍රිත ව වගා කර ඇත්තේ දේශීය වී වර්ගයි. ගොඩ වගාවන් ලෙස කොත්තමල්ලි, බිලිං, වඳුරු මෑ, ආලංගා, රතු බණ්ඩක්කා, තුල්සි, කළුවැරණිය මිරිස්, ඇත්දළ බණ්ඩක්කා, පෙතිතෝර හා ඇත්තෝර, නයිමිරිස්, ඉරමුසු, වැල්පෙනෙළ, වදකහ, මුරුංගා මෙහි වගා කර ඇති විශේෂ භෝග වේ.
මාදිවෙල නාගරික කෘෂිකර්මාන්ත පාරිසරික ව්‍යාපෘතිය කොළඹ ආශ්‍රිත නාගරික ප්‍ර දේශයක පළමු වරට සිදු වු වගා ව්‍යාපෘතියකි. ඒ සදහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව ද සහාය පළ කර තිබේ. වැය කළ මුදල රුපියල් මිලියන 390කි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග (27දින) අමාත්‍යාංශයේ දි පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා උපදෙස් දුන්නේ කොළඹ නාගරික ප්‍ර දේශ ආශ්‍රිතව ඇති මෙතෙක් ප්‍ර යෝජනයට නොගත් නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් වල මේ හා සමාන ව්‍යාපෘතින් වහා ආරම්භ කරන ලෙසයි. මේ වනවිටත් පන්නිපිටිය, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර ආශ්‍රිත ප්‍ර දේශවල නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඒ සදහා හදුනාගෙන තිබේ. කඩිනම් වගා වැඩසටහන් ආරම්භ කිරිම සදහා එම ප්‍ර දේශ ආශ්‍රිත ඉඩම් සකස් කිරීම කටයුතු කරමින් පවතින බව ද එහි දි අනාවරණය විය.