පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරි සැලැස්මක්

    ජූනි 30, 2022

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සකස්කරන ලද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරි සැලැස්මක් සහිත යෝජනාවලියක් (28 දින) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා විසින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දී ඇත.

    රසායනික පොහොර ආනයනය හා කාබනික වගාව, රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයනය ඉලක්ක කරමින් දේශීය ව වගා කළ හැකි බෝගවර්ගවගා කිරීම ප්‍රචලිත කිරීම, ජාතික එළවළු අවශ්‍යතාව හා පලතුරු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පියවර ගැනීම, කාර්මික පර්යේෂණ හා සංවර්ධනකටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබා දීම, කෘෂිකාර්මික යෙදවුම් ( පලිබෝධනාශක හා පොහොර) අවභාවිතය අවම කිරීම, වැනි කරුණු ගණනාවක් මෙමයෝජනාවලියට ඇතුළත් කර තිබේ.

    එමෙන්ම කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා කෙටිකාලීන යෝජනා 11ක් ද මෙම යෝජනාවලියට ඇතුළත් කර ඇත.

    ශ්‍රී ලංකාව තුළ කෘෂිකාර්මික පුනර්ජීවනයක් ඇති කරලීම සඳහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කළත් ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්සියලු ආයතනයන්හි සහයෝගය මේ සඳහා ලබා දිය යුතු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අවධාරණය කළේය.

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම සඳහා ඉලක්ක කරන ලද යෝජනා අප්‍රමාදීවක්‍රියාත්මක කරන ලෙසත්, විශේෂයෙන් යල කන්නය හා ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා කැපවී කටයුතු කරන ලෙස ඉල්ලීමක්කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

     මෙවර යල කන්නය හා ඊළඟ මහ කන්නය අප විසින් අනිවාර්යෙන්ම සාර්ථක කර ගත යුතුයි. සුළිසුළං, ගංවතුර හෝ නියඟයක් වැනි ස්වාභාවිත ආපදාවක්බලපෑවොත් මිස කිසිදු අයුරකින් ඒම කන්න දෙක අසාර්ථක වීමට ඉඩ නොතැබිය යුතුයි. රටේ ආර්ථිකය ස්ථාවර වන්නේ කෘෂිකර්මාන්තයේ ස්ථාවරභාවයමතයි. රජටේ ජනතාව කිසිදු විටෙක කුසගින්නේ නොතැබිය යුතුයි. සියලු දෙනාටම අවශ්‍ය ආහාර නිපදවීමේ වගකීම අපිට තියෙනවා. ගොවි ජනතාවකාෂිකර්ම අමාත්‍යාංශය කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිදු අයුරකින් හෝ පළුදු නොවිය යුතූයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා සහ ඒ ඒඅංශ නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya