විශේෂයෙන්ම මෙහිදී දෙරට අතර පවතින වෙළඳ සහ රාජතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ද්වීපාර්ශවික සබදතා වැඩිදියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සදහා මැලේසියානු රජයේසහයෝගය අතිශයින් වැදගත් බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහකොමසාරිස්වරයා එහිදී පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) තුෂාර සුරවීර මහතා හා මැලේසියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙක් මෙම අවස්ථාව සදහා එක් විය.