පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශේෂ එක්දින වැඩමුලුවක්

    ජූනි 30, 2022

    පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුn ක්‍රමවේදය පිළිබඳ විශේෂ වැඩමුලුවක්  (28) පැවැත්විණි.

    පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය සහ මහජනතාව අතර වඩාත් ශක්තිමත් nසහසම්බන්ධයක් ගොඩනැගීම අරමුණු කරමින් පැවති මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීහු සහභාගී වූහ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 8.30ට වැඩමුලුව ආරම්භ විය. මෙහිදී පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අමතමින් කථානායකවරයා ප්‍රකාශ කළේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව හා සබැඳි වාර්තාකරණයේදී වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කිරීමෙහිලා සුවිසල් වගකීමක් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට ඇති බවයි.

    මෙහිදී ප්‍රජාතන්තුවාදය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුව, මාධ්‍ය සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනැගීම පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පැහැදිලි කරන ලදි. එසේම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහනදීර මහත්මිය සිය දේශනය ඉදිරිපත් කළාය.

    පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා විසින් පැහැදිලි කළ අතර නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සහ පාර්ලිමේන්තු භාෂාවේ සුවිශේෂතා පිළිබඳව
    පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් පැමිණ සිටි මාධණවේදීන් දැනුවත් කරන ලදි.

    පාර්ලිමේන්තුවේ පවතින ඩිජිටල් අවකාශය භාවිතාකිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා මහතා පැහැදිලි කළේය. තවද වේත්‍රධාරී දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීමේදී මාධ්‍යවේදීන්ට වැදගත්වන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය දේශනය ඉදිරිපත් කළේය.

    පාර්ලිමේන්තු වාර්තාකරණයේදී මාධ්‍යවේදීන්ට මුහුනපෑමට සිදුවන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරන ඉංජිනේරු ලලිත් අධිකාරී මහතාද සහභාගී විය.

    මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අතර එන්.ඩී.අයි. ආයතනය (National Democratic Institute) මේ සඳහා අනුග්‍රාහකත්වය සැපයීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya