ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිතුමා අතර අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳහන් කළහ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද අවස්ථා කිහිපයකදී මානුෂීය ආධාර ලබාදීමට පියවර ගනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබාදෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය ජනාධිපතිතුමා සමග සඳහන් කළාය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.