මේ සඳහා ලෝක බැංකුව මඟින් ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයක් ද, ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයකුත් ලබා දී ඇති ආර්ථික සහන ලබා දීමේ වැඩසටහනක් වශයෙන් ජුලි මාසයෙන් ආරම්භ වී ඉදිරි මාස හයක කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් වේ.
ඒ අනුව, මෙරට සමෘද්ධි ප්‍රතිලාභී පවුල් මිලියන 1.8ක ප්‍රමාණයක ජනතාව මෙන්ම වැඩිහිටි දීමනාව, වෛද්‍ය දීමනා, සමාජ ආධාර දීමනා හා අනිකුත් දීමනා ආදියට අමතරව ආර්ථික වශයෙන් පීඩාවටපත් හඳුනාගත් පවුල් මිලියන 1.5 ක ප්‍රමාණයක් ආවරණය කරන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.
මේ වන විට රට තුළ තිබෙන අර්බුදය හමුවේ විශාල පිරිසකගේ ජිවනෝපායන් අහිමිව ඇති බවත්, ඊට කිසියම් විදියකින් හෝ විසඳුමක් ලබා දීමේ අරමුණින් රජය මෙම කර්තව්‍ය සිදු කරන බවත් පැවසු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එකී රජයේ ආධාර ලබන එම සෑම පවුලකටම උපරිමය 7500 ක් වන පරිදි මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම, අන්තර්ජාතික මුල්‍ය අරමුදල සහ අනිකුත් බහුපර්ශ්විය ආයතන සමඟ රජය කරන සාකච්ඡා සාර්ථක තත්ත්වයට පත්ව යම්කිසි එකඟතාවයකට ලබන ජූලි මස ළඟා කර ගත හැකිවනු ඇතැයි ද එමඟින් යම්කිසි ආර්ථිකමය සහනයක් මෙරටට ළඟා කරලීමට හැකිවනු ඇතැයි ද බලාපොරොත්තු වන බව ද පවසන ලදුව අර්බුදය හමුවේ වුවද කෘෂි, කර්මාන්ත සහ අපනයන අංශ වල විශාල පිරිසක් අපහසුතාවයෙන් යුතුව සේවය කරමින් මෙරට ආර්ථිකයට විශාල මෙහෙයක් ඉටු කරමින් සිටීම වෙනුවෙන් රජය තම ස්තුතිය පුදකර සිටින බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.