ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව සංගමය පෙන්වා දෙයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග (28) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.
සෑම විනාඩි 10කට වරක් රට තුළ රිය අනතුරක් සිදු වේ. ඉන් දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 8කි. වාර්ෂිකව මිය යන සංඛ්‍යාව තුන්දහසකට අධිකය. තවත් බොහෝ දෙනෙක් සදාකාලික අකර්මණ්‍යත්වයට පත් වෙති. දීර්ඝ කාලයක සිට රට මුහුණ පා සිටින මේ බරපතළ තත්ත්වයෙන් මිදීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මවර්ධන මහතා පැවසීය.
විවිධ ආයතන මාර්ග ආරක්ෂාව සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මේ සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගතයුතුය. මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනු ලැබීය.
අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවන්, ආහාර හිඟය සහ එමගින් සමාජයට ඇතිවිය හැකි පෝෂණ ඌනතා වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය සුසන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.