ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දීය.
ඒ අනුව, කුඹුරු ගොවිතැන් සඳහා යුරියා මෙට්‍රික් ටොන් 40,000 ක් ද, තේ වගාව සඳහා මෙට්‍රික් ටොන් 20,000 ක් ද, බඩඉරිගු වගාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5,000 ක් ද වශයෙන් එම පොහොර ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය. මහා කන්නයේ පොහොර ප්‍රසම්පාදනය දැනටමත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර මහා කන්නය සම්බන්ධව ගැටළුවක් මතු නොවන බව ද හෙතෙම පැවසන ලදුව වර්තමානයේ ජනතාව තුළ වගාවන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන උනන්දුව නිසා අහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ඇති නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.