ද්විපාර්ශ්වික සබඳතාවල 65 වැනි සංවත්සරය 2022 වර්ෂයේ දී සැමරූ ශ්‍රී ලංකාව සහ රුසියාව යන දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම අරමුණු කරගත් කරුණු කිහිපයක් මෙහිදී විදේශ අමාත්‍ය පීරිස් මහතාගේ සහ තානාපති මැටේරි මහතාගේ සාකච්ඡාවට බඳුන් විය.
ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා තානාපති මැටේරි මහතා දැනුම්වත් කළ අතර, විශේෂයෙන් ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද සඳහන් කළේ ය.
රුසියානු සමූහාණ්ඩුවේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අමාත්‍යවරයා හමුවේ සහතික වූ තානාපති මැටේරි මහතා, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, දෙරට අතර පවත්නා අවසන් නොකළ නිරතවීම් සම්බන්ධයෙන් සමීප සහයෝගයෙන් යුක්තව කටයුතු කරන ලෙසද දිරිමත් කළේ ය.