ඒ අනුව, මෙරටට අවශ්‍ය කරන භාණ්ඩ හිඟයකින් තොරව ලබා ගැනීමටත්, භාණ්ඩ වල මිල තරඟකාරීත්වය තුළින් මිල අඩු කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට ද හැකි වනු ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම විවෘත ගිණුම් තුළින් ආනයනය සිදුවන්නේ නම් එමඟින් කොපමණ ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන්නේද සහ ආනයනය කරන භාණ්ඩ ගබඩා කරන්නේ කෙසේද, සහ රටේ ජනතාවට කෙසේ බෙදා දෙන්නේ ද යන්න පිළිබඳව වෙළඳ අමාත්‍යංශයේ නියාමනයකට යටත් වෙන බවත්, එමඟින් ඉදිරියේ දී සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම් වෙළඳ අමාත්‍යංශය යටතේ නියාමනය කිරීමට ද කටයුතු කරන බවත් ඒ මහතා මෙහි දී පැවසීය.
ආර්ථික මධ්‍යස්ථාන වලට භාණ්ඩ ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර භාණ්ඩ බෙදා හැරීම සඳහා යුධ හමුදාව සතු ලොරිරථ වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව හෙතෙම මෙහි දී පැවසීය.
ඒ අනුව, හෙට (01) සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සම්බන්ධීකරණය කොට එම ලොරිරථ වෙත ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.