පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය - ජපාන තානාපති

    ජූලි 01, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා - ජපාන තානාපති හිදෙකි මිසුකොෂි ජනපතිට කියයි.

     ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව සමග තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.

    ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya