පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    රජය මැදිහත්ව පාපැදි ගෙන්වීමේ වැඩපිළිවෙලක් - අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

    ජූලි 01, 2022

    රජය මැදිහත්ව පාපැදි ගෙන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව වෙළඳ, වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, පාරිභෝගික සුභසාධනය හා අහාර සුරක්ෂිතතාවය පිළිබඳව වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    ඒ අනුව, ඉදිරියේ දී ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කොට පාපැදි යම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට පියවර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බව හෙතෙම මෙහි දී පැවසීය.

    එමෙන්ම, පාපැදි, බයිසිකල් සහ කුඩා වාහන සඳහා අවශ්‍ය අනිකුත් අමතර කොටස් ආනයනය කිරීම් වලට යම් සහනදායි වැඩපිළිවෙලකට අනුව කටයුතු කරන බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya