පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

    ජූලි 02, 2022

    සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 30 දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

    මෙම හමුවේ දී, විදේශ අමාත්‍ය පීරිස් මහතා පවතින ඉන්ධන අර්බුදය ඇතුළුව වර්තමාන ආර්ථික තත්ත්වය සහ එමඟින් ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රයන් කෙරෙහි ඇති කෙරෙන ඍණාත්මක බලපෑම පිළිබඳව විස්තර කළේය.

    සෞදි අරාබි රාජධානිය සමඟ බලශක්ති සහයෝගීතාව සඳහා මාර්ග සලසා ගැනීම අතිශයින් හදිසි කාරණයක් ලෙස සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා , ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා 2022 ජූලි 02 සිට 05 දක්වා දිනවල දී සෞදි අරාබියේ නිරත වන සංචාරය සඳහා පහසුකම් සලසන ලෙස ද ඉල්ලා සිටියේය.

     

    ශ්‍රී ලංකා - සවුදි අරාබියානු ද්විපාර්ශ්වික සබඳතාව හා බැඳුණු වැදගත්කම පිළිබඳව අවධාරණය කළ සවුදි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට සහතික විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya