පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ලංගම ඩිපෝ මඟින් ඉන්ධන - අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 02, 2022

    අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය.


    වර්තමානයේ මතුව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ පවත්නා සීමිත ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීමේ අරමුණින් යුතුව මෙම වැඩසහටහන සකස් කොට ඇති බව හෙතෙම පැවසීය.

    ඒ අනුව රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ 107 ක් හරහා අත්‍යවශ්‍ය සේවාවන්ට ඩීසල් ලබා දීමට කටයුතු කිරීම ආරම්භ කොට ඇති බව මෙහි දී සඳහන් කළ ඒ මහතා, තිබෙන ඩීසල් ප්‍රමාණය කළමනාකරණය කර ගනිමින් ඉදිරි දින කිහිපය සඳහා විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය කෙටි දුර ධාවනය කිරීම අරමුණු කරගෙන ඉන්ධන ලබා දීමටත්, ආරෝග්‍යශාලා වල ගිලන්රථ සේවා පවත්වාගෙන යාම සඳහාත්, වැවිලි හා කෘෂි කර්මාන්ත වල සේවා පවත්වාගෙන යාම වෙනුවෙනුත්, මෙරට ප්‍රධාන කර්මාන්ත ශාලා

    පවත්වාගෙන යාම වෙනුවෙනුත් සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ද ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කෙරෙනු බවත් මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලය වෙනුවෙන් මේ හරහා ද ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන ලදුව අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් සෞඛ්‍ය සේවය අඩපණ නොවී පවත්වාගෙන යාමට සියලු ජනතාවගේ සහයෝගය ලබා දෙන්නැයි ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya