USAID ආයතනය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව අධිකරණ පද්ධතියේ තාක්ෂණික හා ගුණාත්මක සංවර්ධනය සදහා ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී දියත් කිරීමට අපේක්ෂා කරනු ලබන වැඩ සටහන් පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා ගත යුතු ක්‍රියා මාර්ගයන් කෙරෙහි අවධානය යොමු විය.
ග්‍රේව් මහතා අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සහභාගි වු පළමු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුව මෙය වු අතර ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා අධ්‍යක්ෂවරයා වෙත සිය සුභාෂිංශන එක් කළේය.
එම සාකච්ඡාවේදී නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය හා ගුණාත්මක අධිකරණ පද්ධතියක් වෙනුවෙන් විනිසුරුවරුන් හා නීතිඥයින් පුහුණු කිරීමේ ඇති වැදගත්කම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
මහජනතාව තුළ අධිකරණ පද්ධතිය පිළිබදව පවතින විශ්වාසය ඉහළ නැංවීම සදහා ගුණාත්මක අධිකරණ පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය බවත් ඒ සදහා දේශිය හා ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් පුහුණු කිරීම සිදු කළ යුතු බවත් විනිසුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් දකුණු ආසියාවේ ගුණාත්මකම විනිසුරු පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍යත්‍යවරයා අවධාරණය කළේය.
විනිසුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් දකුණු ආසියාවේ ගුණාත්මකම විනිසුරු පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීම පිළිබදව ග්‍රේව් මහතා ප්‍රසාදය සිය ප්‍රසාදය පළ කර ඇත.
මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සදහා ඉදිරිපත් කළ 22 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා රජය විසින් මහජනතාව වෙනුවෙන් දියත් කරනු ලබන අනෙකුත් සංවර්ධන කටයුතු සදහා සිය උපරිම සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය නව අධ්‍යක්ෂකවරයා මෙහිදී සදහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණවලට පැමිණෙන නඩු භාණ්ඩ මාස තුනක් තුළ මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කොට අදාළ නඩුවේ නමින් ගිණුමක් විවෘත කර එම ගිණුමට බැර කර නඩුව අවසන් වු පසුව තීන්දුවට අනුව අදාළ මුදල් සම්බන්ධව ක්‍රියා කිරීම සදහා අවශ්‍ය නීති සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
මාසයක් තුළ එම කමිටුව විසින් අදාළ නීතින් සම්බන්ධව වාර්තාවක් ලබාදීමට නියමිතව ඇති බවද පසුගිය දින කිහිපය තුළ අධිකරණ පද්ධතියේ යල් පැන ගිය නීති වෙනුවට නව නීති ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත් කිහිපයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, USAID ආයතනයේ වැඩ සටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Krishana Ortiz, එම කාර්යාලයේ නීති උපදේශිකා ශිරානී නාරායන, අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් (නීති) රුවනදිනි කුරුප්පු යන මහත්මීන් මෙම හමුව සඳහා එක් විය.