අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුළකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.
දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල කෘෂිකාර්මික කටයුතු සමාලෝචනය කිරීම සඳහා Zoom යෙදවුම ඔස්සේ අමාත්‍යවරයා සියලුම ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු හා සම්බන්ධ වෙමින් ජූලි (01) සාකච්ඡා කළ අතර එහිදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.
මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලුම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීමට ද ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව අවධානය යොමු කර තිබේ. රටේ ඇතැම් රැකියාවල නිරත වූ පුද්ගලයින්ගේ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යෝජනා වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.