පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත්-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූලි 03, 2022

    සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල දිවයිනේ දකුණු අර්ධයේ සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද නිවේදනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya