මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් දිවයින වටාවු මුහුද හා වෙරළ තීරයන් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලිස්ථානයේද සහාය ඇතිව 2022 ජුලි මස 01 වන දින රාත්‍රියේදී කල්පිටිය, කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් රට තුලට ප්‍රවාහනය කිරීමේ අරමුණින් සඟවා තිබූ බවට සැකකෙරෙන උර 64 ක අසුරන ලද බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ තොගයක් මාළු වාඩියක් තුල සඟවා තිබීයදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි
-SL Navy