දැනට බිත්තර වී කිලෝවක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති මිල රුපියල් 140ක් වුවද එම මිල ගොවිජනතාවට සාධාරණ මිලක් නොවන හෙයින් එම මුදල රුපියල් 150ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
2022 මහ කන්නයේ දී වගාවට අවශ්‍ය බිත්තර වී සකසා ගැනීම යල කන්නයේ බිත්තර වී වගා කරන ලද ගොවීන්ගෙන් වී අස්වනු මිල දී ගැනීම මගින් සිදු කෙරේ. ගුණාත්මකභාවයෙන් ඉහළ වී බිත්තර වී සකසා ගැනීම සඳහා අවශ්‍ය බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා බිත්තර වී අස්වනු පරීක්ෂා කිරීම සඳහා ද කටයුතු යොදා ඇත.
2022 /23 මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බුසල් ලක්ෂ 40කි. රජයේ බිත්තර වී ගොවිපොළ මගින් ලබා ගන්නා බිත්තර වී ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 10-12ක් අතර ප්‍රමාණයකි. ඉතිරි බිත්තර වී ගොවීන් වෙතින් ලබා ගැනීම සිදු කෙරේ.
මේ වනවිට බිත්තර වී වගා කළ ඇතැම් ගොවීන් තම අස්වැන්න සහල් සැකසීම සඳහා වැඩි මිලකට වෙළෙඳුන්ට අලෙවි කරන බවට ද තමන්ට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි. බිත්තර වී පාරිභෝජනය සඳහා සහල් සැකසීමට වෙළෙඳුන්ට අලෙවි නොකරන ලෙසත් එමගින් මීළඟ මහ කන්නයට බිත්තර වී හිඟයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ගොවීන් සතු බිත්තර වී මිල දී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම මැදිහත් වී කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර යල කන්නයේ වී අස්වනු වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසා තිබේ.