ඉන්ධන ලබාගැනීමට ඇනවුම් කර තිබෙන බවත් මුදල් සොයාගැනීමට විකල්ප සඳහා යෑමට සිදු වන බවත් මෙය විශාල අභියෝගයක් බවත් අමාත්‍යවරයා අද (3) විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ ය.
ඩොලර් මිලියන 800ක් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු බවත් ඒ සම්බන්ධව සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ණය පහසුකම් සමඟ සැපයුම් කරන්න ඉල්ලීමක් කළත් ඔවුන් එයට කැමැත්තක් පල කර නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන,, බැංකු ණයවර ලිපිවලට අනුමැතිය දෙන්නේ නෑ. රටට අවශ්‍ය ඩොලර්ප්‍රමාණය නොලැබීම ගැටළුවක්, විදෙස් රටවල ශ්‍රමිකයින්ගෙන් ඉල්ලනවා, රටේ බැංකු පද්ධතිය භාවිතා කර මුදල් එවන්න.කිසිම මුදලක් නැතිව තෙල් දෙන්නේ නෑ. කටාර් රාජ්‍යයෙන් යහපත් ප්‍රතිචාරයක් ඉදිරියේ දී ලැබෙයි. ඉදිරියේ දී රට වෙනුවෙන් උපරිම සහාය ලබාදෙන ඔවුන් ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
අප උත්සහය අතහැර නෑ. ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ඡා කරන්න සූදානම්. වැරදි මතයක් යනවා සපුගස්කන්ද පිරිපහදුව විකුණන්න යනවා කියලා. පිරිපහදුව අක්‍රිය කිරීම ,විකුණා දැමීම හෝ වසා දැමීම ප්‍රතිපත්තිය නොවේ. ලබන සිකුරාදා වන විට තීන්දු ගන්න වෙයි. දෙසැම්බර් වන තෙක් සියලු ඇනවුම් අරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. රජයක් ලෙස ඉන්ධන ලබාදීම ප්‍රමුඛතාවයි. රටක් විදියට අර්බුදයට මුහුණ දී සිටින වෙලාවේ දේශපාලනිකව ජනතාව බිත්තියට හේත්තු කරන්න එපා. ටෝකන් එක වැරදියට අරගෙන තිබෙනවා. ටෝකන් ඉල්ලගෙන එකතුවෙන්න එපා. ඉන්ධන ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරනවා. දැන් ටෝකන් වෙනත් ව්‍යාපාරයක් බවට පත් වෙලා. අද කළු කඩේ ඉනධන විකුණනවා. විවිධ පිරිස් එකතු කළ තෙල් තොග අලෙවි කරනවා.තෙල් තොග එකතු කිරීමත් එක ප්‍රශ්නයක් වෙලා.ඉන්ධන පරිභෝජනයත් සීමා කරන්න සිදු වෙනවා.
ඉන්ධන හා විදුලිය වෙනුවෙන් නිවැරැදි තීන්දු ගන්න කටයුතු කරනවා. සතියක් ලබාදී තිබෙනවා, ඇනවුම් නිසි ආකාරයට කරන්න ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින්ට. වගකීම වෙනුවෙන් පෙනී සිටිනවා. අප වගකීම් පැහැර හැර නෑ. යැයි ද අමාත්‍යවරයා පැවසීය.