අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
ජූලි 10 -11 අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මැලේසියානු සමාගමකින් ලබා ගැනීමට සාකච්ඡා කර තිබෙන බවත් ඒ සදහා මැලේසියානු රජයෙන් කල ඉල්ලීමකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ආසියානු කලාපය භාරව කටයුතු කරන විශේෂ නියෝජිතයන් සමග අදහස් හුවමාරු කල බවත් ඊට සුබවාදී පිළිතුරු ලැබුනු බවද අමාත්‍යවරයා කීය .
කර්මාන්තකරුවන්ට සහ අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන සදහා ඩොලර් වලින් ගෙවීමට හැකියාවක් ඇත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් බවත් පැවසූ අමාත්‍යවරයා , ඔවුන්ට මාස්පතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දීමට නොහැකි වුවත් සතිපතා හෝ අවශ්‍ය ඉන්ධන දීමට හැකි බවද පැවසීය .
එළැඹෙන 10 වැනිදායින් පසු රට තුළ පවතින ඉන්න හිඟය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් එතැන් සිට මෙරටට අඛණ්ඩව සැපයුම ලැබෙනු ඇති බවද පැවසූ අමාත්‍යවරයා , ලැබෙන ඉන්ධන තොග උපරිම කළමණාකරණයකින් බෙදාහැරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ණය නොගෙවන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා ඉන්ධන සපයා ගැනීම ඉතාම ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙන බවත් ශ්‍රී ලංකාව ඉන්ධන මිල දී ගැනීමට යාමේදී විදෙස් බැංකුවක සහතිකයක් බොහෝ සැපයුම්කරුවන් ඉල්ලා සිටින බවද කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන සැපයීමට ඉදිරිපත් කරන ටෙන්ඩර සදහා කිසිදු සැපයුම්කරු ඉදිරිපත් නොවන තත්වයක් ද උද්ගතව තිබෙන බවද සදහන් කළේය .
මේ දිනවල ඇති වී තිබෙන අපහසුතාවයන් සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරන බවත් ඒ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කී අමාත්‍යවරයා ,තම අමාත්‍යාංශය වඩා හොඳින් කළහැකි කිසිවෙකු වේ නම් එය භාර දීමට මේ මොහොතේ දී වුවද සූදානම් බව ද කීය