සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.