අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් (2022 ජුනි මස 03) සවස් කාලයේ ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළ පේදුරුතුඩුවට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහිසිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධිවර යාත්‍රාව සහ ධීවරයින් මේ වන විට මයිලඩි ධිවර වරාය වෙත රැගෙන එමින් සිටින අතර, අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල බලධාරීන් වෙත බාර දීමට නියමිතය.
SL Navy-
File photo