අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
රැකියා වෙළෙඳපළට ගැළපෙන පරිදි සහ තවත් වසර 10ක් ඉදිරියට ගිය පසු ලෝකයට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී , පළමුව මෙරට මානව සම්පතේ අවශ්‍යතාවය හඳුනාගත යුතුයි. අද වන තුරු මෙරට එවැන්නක් හඳුනාගෙන නැහැ. මැලේසියාව වැනි රටවල් වසර පහෙන් පහට ඒම රටේ අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ඒ අනුව එම රටේ අධ්‍යාපනය සකස් කරනවා. යම් වෘත්තියක අතිරික්තයක් තිබෙනවා නම් ඔවුන් විදේශ ගත කරනවා. අපේ රටටත් , නැගී එන තාක්ෂණය අනුව නැනෝ ටෙක්නොලොජි වැනි තාක්ෂණයත් සමග බද්ධ වූ මානව සම්පතක් සකස් කර ගතයුතුයි. ඒ සඳහා අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වීමට අප අවතීර්ණ වී තිබෙනවා
තවද, සංවර්ධන නිලධාරින් වශයෙන් රාජ්‍ය සේවයට බඳවාගනිමින් , ගුරු සේවයට එක් කර ගත් නිලධාරින් 24,000ක් , ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කරගෙන යන බව ද ගුරු වෘත්තිය සමිති සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඒකඟ තාවය සහිතව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදාළ බඳවා ගැනීම් සිදුකරන බවද කීය.