තමා රුසියානු හා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බවත් තමා රුසියාව සමග මිත්‍රත්වය යළි නගා සිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගියදා ඇති වූ ගුවන් යානා සම්බන්ධ සිදු වීමක් නිසා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය යම් පළුදු වීමක් සිදු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තමා මිත්‍රත්වය වෙනුවෙන් පෙනී සිටින බවද කීය. වරක් තමා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී කුරුමිණියකු සිටියේයැයි කියමින් මෙරට තේ සඳහා ගැටළුවක් ඇති වූ බවත් තමා ඒ සඳහා මැදිහත් වෙමින් කටයුතු කළ බව අමාත්‍යවරයා කීය. මාසයක් ඇතුළත එම ගැටළුව විසඳා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රුසියාව සමග මිත්‍රත්වය ගොඩ නැගීමෙන් ඉදිරියේදී ඉන්ධන ඇතුළු අනෙක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා ඇති කර ගත හැකි බවද අමාත්‍යවරයා කිය.
තමාද පසුගියදා යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවකට සහභාගී වු බව කී අමාත්‍යවරයා, එළඹෙන සැප්තැම්බර් මාසයේදී යුනෙස්කෝව පිහිටුවන අරමුදලකින් ලංකාව වැනි මැදි ආදායම් ලබන රටවලට අරමුදල් ලබා දෙන බවත් සමුළුවට සහභාගී වූ බැවින් ශ්‍රී ලංකාවට ද එම සහාය ලබා ගැනීමට හැකි වූ බවද කීය .