පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ය.
එළඹෙන 10 දින තෙක් ප්‍රමාණවත් ඉන්ධන නොමැති බැවින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා ඉන්ධන ලබාදිය නොහැකි බවත්, වෛද්‍ය සේවා වලට අවශ්‍ය අයටත්, වෛද්‍යවරුන්ටත් විශේෂ බස් රථ සේවා සකස් කර තිබෙන බවත් ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත් මේ අවස්ථාව බැරෑරුම් බවත් මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා කීය.