ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ඉදිරි මාස 06 තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ යටතේ දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි ගොවි ජනතාව හා ඒකාබද්ධව ගෙවතු 5000ක් සකස් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම හදබිම අධිකාරියේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය මගින් ලබාදීමට නියමිතය.
2022 වර්ෂයේ දී ගෙවතු වගා සංකල්පය පෙරදැරි කොට ගනිමින් රජයේ ආයතන, පාසල්, මහල් නිවාස සහ පෞද්ගලික ආයතන ඉලක්ක කර ගනිමින් ගෙවතු වගාව, කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික දැනුම හා න්‍යායාත්මක දැනුම තාක්ෂණික පුහුණු වැඩසටහන් මඟින් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.
ගෙවතු වගාව සඳහා අවශ්‍යවන බීජ, පැළ සහ කාබනික පොහොර ආදිය ජංගම අලෙවිසැල් වෙතින් ලබා ගැනීමට හැකියාව ගොවි ජනතාවට සළසා දෙනුලැබේ.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා ක්‍රියාත්මක වන අර්ධ ගෘහාශ්‍රිත කුකුළු පාලන වැඩසටහන යටතේ ගොවි පවුල්1000ක් සඳහා කිකිළි පැටවුන්10,000ක් ලබා දීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය වන කිකිලි පැටවුන් අධිකාරිය මගින් අදාළ පවුල් සඳහා ලබා දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම මේ සඳහා කැමැත්ත දක්වන ගොවීන් සඳහා නොමිලයේ කිකිළි පැටවුන් ලබා දීම වෙනුවට 25% ක මුල්‍ය දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගනිමින්ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වනවිට රටින් තුරන්ව යමින් පවතින හේන් ගොවිතැන , කොරටු වගාව, වැට වගාව හා නියර මත වගාකිරීම ආදී සාම්ප්‍රදායික වගා ක්‍රම වෙත ගොවීන් නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක් ද ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ඇරඹීමට තීරණය කර ඇතැයි එහි සභාපතිවරයා පවසයි.