මෙම පළමු පොහොර තොගය මෙට්ට්‍රික් ටොන් 40,000ක් ව න අතර එය ඕමානයේ සිට මෙරටට ළඟා වීමට නියමිතය. මෙම යූරියා පොහොර රුපියල් 10,000ක මුදලකට ලබා දීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
ඉදිරි මාස තුන තුළදී අංග සම්පූර්ණ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සහ කෘෂිකාර්මික අපනයන මඟින් අමතර විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.