රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පා.ම. අශෝක ප්‍රියන්ත මහතා යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ අනුව අදාළ සේවකයන්ගේ සේවා කාලය 06 මාසයෙන් 06 මාසයට ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවලට හැකියාව ඇති බව ඔහු කියා සිටියේය.
ප්‍රාථමික සේවා ගණයන් සඳහා සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීම නිසා අදාළ කොන්ත්‍රාත් සහ අනියම් පදනම මත සිටින සේවකයන්ට ස්ථීර පත්වීම් ලබා දීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා පැවසිය. ඉදිරියේදී අදාළ චක්‍රලේඛය සංශෝධනය වූ පසුව මෙම ගැටළුව පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.