අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉදිරියේදී නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් බස්රථ සඳහා කොන්දොස්තරවරියක් යොදවමින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
කොළඹ නගරය අවට විදුලි බස් රථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරාත්තු වන බවද අමාත්‍යවරයා කීය. ප්‍රවාහන ගැටළු සති දෙක තුනකින් විසඳිය නොහැකි ගැටළු බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින ඉන්ධන ගැටළුව හමුවේ පොදු ප්‍රවාහනය සඳහා විශාල ඉල්ලුමක් ඇති වී ඇති බවත් එම සැපයුම ලබා දිය නොහැකි බවද කීය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමග එළඹෙන සතියේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ට සැළසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.