මේ සම්බන්ධයෙනස් අදහස් දැක් වූ කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ , විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම අසීරු වී තිබෙන බවයි. වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන බරපතල රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගත නොහැකි බැවින් එම පුනාරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් රැසක් සංශෝධනය කිරීමට සිදු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද ආර්ථක ස්ථායීතාවය සඳහා අදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහාද කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.