අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවට එක්වෙමිනි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සහ එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම සළකා බලා සේවක පහසුව සඳහා මෙම දුම්රිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසු අමාත්‍යවරයා, මේ වන විට ගල්කිස්සේ සිට යාපනය දක්වා ''ජැෆ්නා නයිට් රයිඩර් '' සීඝ්‍රගාමි දුම්රිය ඉතාම සාර්ථක අයුරින් ධාවනය වන බවද කීය.
ආසන 520ක් ඇති ''ජැෆ්නා නයිට් රයිඩර් දුම්රිය'' සිකුරාදා රාත්‍රි 10.00 ට ගල්කිස්සෙන් පිටත්වන අතර පාන්දර 5.00 පමණ වන විට යාපනයට ළඟා වන බවත් එය නැවත ඉරිදා රාත්‍රි 10.00 යාපනයෙන් පිටත්ව සඳුදා පාන්දර 5.00ට පමණ නැවත ගල්කිස්සට පැමිණෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇති ඩිපෝ වෙතින් පුද්ලගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කරන බව කී අමාත්‍යවරයා , ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව විශ්වවිද්‍යාල සමග ඒකාබන්ධව නව ඇප් එකක් හදුන්වා දෙන බවත් ඉදිරි සතිවලදි ඉන්ධන බෙදා හැරිම ක්‍රමවත්ව සිදු කිරීමට කටයුතු යෙදා ඇති බවද කීය.