අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට ඇතැම් කුඹුරු ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙනත් රටවල පදිංචිව සිටිම හෝ වෙනත් හේතූන් නිසා වගා කටයුතු සිදු කිරීම අත් හැර දමා ඇති බවත්, එම අත්හැර දමා ඇති සියලු කුඹුරු රජය වෙත පවරා ගෙන වගා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල එන මාස් කන්නයේ දී ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කෙරෙන අතරම එම පවරා ගන්නා ලද කුඹුරු ඉඩම් අවුරුදු පහක කාල සීමාවකට වගා කටයුතු කළ හැකි තරුණ පිරිස් වෙත වගා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා මෙහි දී පැවසීය.
එම පවරා ගන්නා ලද කුඹුරු ඉඩම්වල හිමිකරුවන්ට අවුරුදු පහකට පසු නැවත ඉඩම් හිමිකාරිත්වය ලැබෙන පරිදි මෙම වැඩපිළිවෙල සකස්කොට ඇති බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.