ඒ මහතා මේ බව පැවසුවේ, කොවිඩ් උවදුර ඉවර නෑ .4වෙනි එන්නත ගනිමු යන මැයෙන් අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
දැනට ශ්‍රි ලංකාව තුළ ප්‍රාථමික එන්නත 98% - 100%ත් අතර වයස අවුරුදු 21 ක වැඩි පිරිස සාර්ථකව ලබා ගෙන ඇතැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්තුමා ,තුන්වන මාත්‍රාව ලබා ගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් මිලියන 7.9 පමණක් බවද කීය.
එසේම තුන්වන මාත්‍රාව එන්නත්කරණයෙන් මාස 03කින් පසු 4 වැනි එන්නත් මාත්‍රාව ලබා ගත හැකි බවත් වයස අවුරුදු 60ට වැඩි පිරිසට සහ විදේශ රැකියා සඳහා යන ඇතැමුන්ට එම රටවලට යාමට 4 වැනි එන්නත ලබා ගැනිම අනිවාර්‍ය වී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්තුමා කීය.
නැවත වරක් කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් තිබෙන බවත් එයින් වැළකීමට ඇති හොඳම ක්‍රමය කොවිඩ් එන්නත ලබා ගැනිම බව කී අධ්‍යක්ෂ ජනරාල්තුමා , එයින් දරුණු රෝග තත්ත්වයන් සහ මරණයට පත්වීම ඉතාම අල්ප වී ඇති බව පැවසුවේය.
මෙම එන්නත ළගම ඇති රෝහලෙන් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කාර්යාලයෙන් හෝ එන්නත් මධ්‍යස්ථානයෙන් ලබා ගැනීමට හැකියාව ඇති බව කී ඒ මහතා, පසුගිය දිනවල මෙම එන්නත ලබා ගැනීමට ජනතාව පැමිණීමේ අඩුවක් තිබුණු බැවින් එන්නත ලබා ගැනීමට එම කාර්යාලවලින් හෝ රෝහලෙන් දින විමසා දින දැන ගන්නා ලෙසද කීය.
අනිවාර්යයෙන් මුව ආවරණ පැළදීමට ගත් තීරණය ඉවත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව කී අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ සඳහා වෛද්‍ය කමිටුව එම කාලයේ තිබු රෝග ව්‍යාපාතිය සහ රෝගීන් මිය යාමේ ප්‍රතිශතය යන සංඛ්‍යා ලේඛණ මත එම තීරණය ගත් බව පැවසීය.
ඔනෑම කෙනෙකුට මුව ආවරණය පැළදීම කර හැකි බවත් උණ, කැස්ස සහ හෙම්බිරිස්සාව ඇත්නම් මුව ආවරණ පැළදීම කළ යුතු බව කී අධ්‍යක්ෂ ජනරාල්තුමා ,නව ප්‍රභේද එන විට රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩිවුවහෝත් නැවත වරක් මුව ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට සිදු වන බවද කීය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට වසංගත රෝග ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සහ ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති වේදි සහ අනුක ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය එක්ව සිටියහ.