පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

      යල කන්නයේ වී අස්වැන්න නෙළීමට අවශ්‍ය යන්ත්‍ර වලට ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳව රජයේ විශේෂ අවධානය

    ජූලි 05, 2022

    යල කන්නයේ වී අස්වැන්න නෙලීමට අවශ්‍ය යන්ත්‍ර වලට ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    වී ගොවිතැනේ නියුතු ගොවීන්ගේ කෘෂිකාර්මික යන්ත්‍රසුත්‍ර වලට ප්‍රමුඛව අවශ්‍ය ඉන්ධන ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව සළකා මේ සම්බන්ධව ඛනිජතෙල් අමාත්‍යවරයා සමඟ ද තමන් සාකච්ඡා කොට ඇති බවත්, ඒ සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම, ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී ගණන් බලා ඇති ආකාරයට ඉන්ධන ලීටර් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි ද හෙතෙම මෙහි දී සඳහන් කරන ලදුව, එකී පොහොර ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට සහ අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය යන්ත්‍ර වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන ලබා දීමට අවශ්‍ය වැඩපිළවෙල සකස් කරන බවත් වැඩිදුරටත් සඳහන් කෙරිණි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya