මෙම පොහොර රැගත් නෞකාව දිවයිනට පැමිණි විගස ගොවීන්ගේ අවශ්‍යතා ප්‍රමුඛව කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
ඒ අනුව, වී ගොවීන් සඳහා මෙම මෙට්‍රික් ටොන් 40,000 ක පොහොර තොගය ප්‍රමාණවත් වනු ඇති බවත්, තවත් පොහොර නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බැවින් එම පොහොර බඩ ඉරිඟු වගා කිරීම සඳහා ලබා දීමටත්, ඉන් කොටසක් තේ නිෂ්පාදනයටත් ලබා දීමට නියමිතයි.
එමෙන්ම මෙම පොහොර රුපියල් 10,000 ක සහන මුදලකට ගොවීන්ට ලබා දීමට නියමිතව ඇති අතර දැනටමත් වෙළඳපොලේ මෙම මිලට වඩා වැඩි මිලකට පොහොර අලෙවි වන බැවින් ගොවින් මෙම රජයෙන් ලබා දීමට නිමිත මුදලට පොහොර මිලට ගැනීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් විය.