පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට

    ජූලි 06, 2022

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙම මස 07 දින කෝප් කමිටුවට කැඳවීමට ද කෝප් කමිටුව තීරණය කර තිබේ.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (04දින ) පාර්ලිමේන්තුවේදී පැවැත්විනි.

    මීට අමතරව මහ බැංකුවේ රාජ්‍ය ණය සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට අදාළ දින තීරණය කරගැනීමද සිදු විය.

    මේ අනුව මෙම මස 19,20,21,22 යන දිනයන්හි මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට තීරණය කළේය. ඒ සඳහා මහබැංකුවේ හිටපු අධිපතිවරුන්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කැඳවීමටද එකඟතාවය ඵල විය.

    එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව අගෝස්තු මස 02,03,04,05 යන දින වල විශේෂයෙන් රැස්වීමට තීරණය වු බව පාර්ලිමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya