අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    යූරියා පොහොර වී වගා කරන ගොවීන් වෙත බෙදා හැරීමට විධිමත් සැලැස්මක්

    ජූලි 06, 2022

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා සියලුම ගොවි සංවිධාන දැනට තෝරාගෙන සිටින ගොවීන්ගේ නාම ලේඛනය පරිදි අදාළ මුදල් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගෙවිය යුතු අතර මීට අදාළ තොරතුරු ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ( www.agrariandept.gov.lk) ඇතුළත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙයි.

    මේ සම්බන්ධව (05) කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්දඅමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙම යූරියා පොහොර මිටියක් රු.10,000ක මුදලකට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයතීරණය කර ඇති අතර ඒ සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද හිමි වී ඇත.

    යුරියා පොහොර ලබා දීමේ දී තෙත් කලාපයේ කුඹුරු හෙක්ටයාර් 01ක් සදහා කිලෝග්‍රෑම්50ක් ද, වියලි කලාපයේ හෙක්ටයාර් 01ක් සදහා යූරියා පොහොර කිලෝග්‍රෑම් 100ක් දවශයෙන් ලබා දීමට සැලසුම් කර තිබේ.මෙම පොහොර තොගය සහිත නැව මෙම මස 09 වැනි දින කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

    එම පොහොර තොගය ලැබුණු වහාම දිවයින පුරා වී වගා කරන ගොවීන් වෙත බෙදා හැරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකාපොහොර සමාගම විසින් කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර ඇත.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ රජයේ පොහොර සමාගම් 02 නියෝජනයකරමින් එහි සභාපතිවරු ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya