පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජූලි මස 11 දින සිට රට පුරා ගෑස් බෙදා හැරීමට නියමිතයි- පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගැස් - අග්‍රාමාත්‍ය

    ජූලි 06, 2022

    ජූලි මස 09 දින සිට ගෑස් තොග දිවයිනට ලැබීමෙන් පසු ජූලි මස 11 දින සිට රට පුරා ගෑස් බෙදා හැරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජූලි මස 11 සහ 12 දිනවල සම්පූර්ණයෙන් ම කොළඹ නගරය පුරා ස්ථාන 140ක බෙදා හැරීමට සැලසුම් කොට තිබෙන බව ද එම ස්ථානවලට කිලෝ ග්‍රෑම් 12 සිලින්ඩර් 100 බැගින් සිලින්ඩර් 1,40,000ක් දින දෙකක් ඇතුළත බෙදා හැරීමට මේ වනවිට සැලසුම් කොට ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ඉන් අනතුරුව කොළඹ නගරයට කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩර් නොකඩවා නිකුත් කරන්නට කටයුතු කරන බවත් සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ද ගෑස් නිකුත් කරන්නට කටයුතු කර ඇතැයි අගමැතිවරයා පැවසීය.
    ජූලි 11 සිට අගෝස්තු මුල් සතිය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් 33000ක් ලැබීමට නියමිතය.ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගැස් ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya