යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියා පිළිබඳ මූලික පරීක්‍ෂණ උසාවියේ නිර්දේශ ලැබෙන තුරු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත්කර ඇත. සිද්ධියට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මඟින් විමර්ශනයක් ද මීට සමගාමීව සිදුකරමින් පවතී.
මෙම සිදුවීම පිළිබඳව නිරීක්‍ෂණය කර ඒ සබැඳිව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නියෝග මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත මූලික පරීක්‍ෂණ උසාවියක් පසුගිය සඳුදා (4) දින පත් කරන ලදී.