වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන දැනට පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අද දින (6) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරන ලදී.
මෙහිදී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා සතොස සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් අත්‍යාවශ්‍ය ආහාර ජාලය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, අත්‍යාවශ්‍ය ආහාර වෙළෙඳපොළේ සුලභ කිරීමටත්, ඒවා වෙළෙදපොළට නිකුත් කිරීමට සහ පාරිභෝගිකයන් අතට එම භාණ්ඩ පත් කිරීමටත්, මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන වාණිජ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම යටතේ 2022.05.31 දින ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඛණිජ තෙල් හා තිරිඟු පිටි ලබා ගැනීම සදහා රුසියාවේ අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීමට ඔවුන් එකඟ විය.
“විදේශ ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රී ලාංකික නොවන ප්‍රජාව වෙතින් මෙරටට කෙරෙන පරිත්‍යාගයන් ලබා ගැනීමේ භාරකරු ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව පත් කර ඇති අතර, එම වැඩපිළිවෙල පහසු කිරීම සඳහා අමාත්‍යාංශය මඟින් ඊට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහයක් ඉදිරිපත් කර තිබේ”
තවද සහල් තොග රැස් කිරීම් පාලනය කිරීමටත්, සහල් මිල පාලනයටත්, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපලේ සුළභ කිරීම සඳහාත්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ සතොස යන ආයතන හරහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර, ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 50,000 අනයනය කිරීමට කටයුතු කරන ලදී.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එකතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර සඳහා ආරක්ෂිත තොගයක් (Buffer Stock) පවත්වා ගැනීමටද සාකච්ඡා කර තිබෙනවා.මීට අමතරව අනවසර ලෙස සහල් තොග රැස් කරන්නන් සඳහා පාරිභෝගික සේවා අධිකාරිය යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ. රාජ්‍ය ආයතන සදහා භාණ්ඩ සැපයීම ප්‍රධාන වෙළෙඳ කටයුත්ත කොට ගත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැයි මාසය සඳහා ශුද්ධ ලාභය රුපියල් මිලියන 15 ක් සහ ජූනි මස අග ශුද්ධ ලාභය රුපියල් මිලියන 100 ක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.