එන මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලබා ගත හැකි බවද අමාත්‍යවරයා කිය. මෙරට ඇති වී තිබෙන ආහාර අභියෝගය ජයගැනීම ගොවි ජනතාව භාරගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සහාය රජය ලබා දෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
යල් කන්නය සඳහා ජනතාවට අවශ්‍ය පොහොර ලබා දීම රජය මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූ බවත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග දිගින් දිගටම සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරටට ලබා දුන් යූරියා පොහොර තොගය එළඹෙන 09 වන දින රාත්‍රියේ මෙරටට ළගා වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය. එළඹෙන 15 දාට ප්‍රථම රුපියල් 10,000 බැගින් එම පොහොර තොගය ගොවි ජනතාව අතර බෙදා දීමට සූදානම් බවද අමාත්‍යවරයා කීය.
''අද වන විට ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් වගාවට යොමු වී සිටිනවා. පොහොර ලැබෙයිද නැද්ද කියල බැලුවේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාවට ප්‍රණාමය හිමි විය යුතුයි. නමුත් උතුරු ප්‍රදේශයේ ජනතාව මේ වන විට අස්වැන්න නෙළනවා. එම ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන් නැහැ. මී ළගට පැමිණීමට නියමිත පොහොර තොගය ඒම ප්‍රදේශවල ජනතාවට ලබා දෙනවා. ඊට අමතරව මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ඇණවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙනවා. ලෝක ආහාර සංවිධානය සමග පැවැත් වූ සාකච්ඡාවට අනුව යූරියා හොන්ඩර් 375,000 ක් නොමිලයේ ලබා දීමට ඒකග වී තිබෙනවා. එම පොහොරද නොමිලයේම ගොවිජනතාවට ලබා දීමට සැළසුම් කර තිබෙනවා. ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් නැහැ.''
කෘමිනාශක ගැටළුව සම්බන්ධයෙන් සහ බීජ ලබා ගැනීම සම්බන්ධයෙන්ද රජය සිය අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා කීය