රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අර්බුදය විසඳීමට රජය සියලු පියවර ගෙන ඇති බවත් රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
එබැවින් රජයේ වැඩපිළිවෙළ සඳහා ජනතා සහාය ලබා දෙන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. පසුගිය මැයි 09 වන දා ඇති වූ සිදුවීම වැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලාගත යුතු යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.