ප්‍රචණ්ඩත්වයෙන් තොරව මෙම දැවැන්ත ආර්ථික අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරන ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;
ඇතැම් පිරිස් දේශපාලන අර්බුදයකින් පමණක් මෙම ආර්ථික අර්බුදය විසඳිය හැකැයි විශ්වාස කරන බවත් එහෙත් වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඩොලර් මිලියන 03කවත් , සමීපස්ථ ණය ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පමණක් බවය.