ඒ අනුව දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් ආහාර ද්‍රව්‍ය අලෙවිසැලනවීකරණය කිරීමෙන් අනතුරුව පාරිභෝගික සේවාවන් සැපයීම සඳහා (06) ආරම්භවිය.
එම අලෙවිසැලේ අලෙවි කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදඑක්විය.
ජනතාවට සහනදායී මිලකට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසමින්, ජාතිකආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම කෙරේ.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය ක්‍රමවත් කිරීම මඟින් වෙළඳපොලේපවතින මිලට වඩා සහන මිලකට සහල්, එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ වියළිආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුකම් සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදාඇත. විශේෂයෙන් වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ ජනතාවට මුහුණදීමටඇති පීඩනය අවමකරලීමේ පියවරක් වශයෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත්අලෙවිසැල් ජාලය මෙම වසර තුළදීම සක්‍රීය කිරීමට සැලසුම් කර තිබේ.
දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල මඟින් එළවළු මෙන්ම වීඅලෙවි මණ්ඩලය විසින් හඳුන්වාදී ඇති PMB Rice සහ වෙළඳපොලේ මිලට වඩා රු.1000 ක් අඩුවෙන් ලබාදිය හැකි කුළු බඩු මල්ලක් ද හඳුන්වා දී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල්වෙළඳපොල අරක්ගෙන සිටින සහල් මාෆියාවට හසුව සිටින ජනතාව එම මාෆියාවෙන්ගලවාගැනීම සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මෙන්ම හදබිම අධිකාරිය ඇතුළුකෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ ජාලය ශක්තිමත් කිරීම විශේෂයෙන්මමිල්කෝ හා NLDB කිරි නිෂ්පාදන මෙම අලෙවිසැල් ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට මිලදීගැනීමේ හැකියාව ඇති බවත් සඳහන් කළේය.