අද (07) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී පොහොර බෙදා හැරීම සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, යල කන්නයේදී මෙන්ම මීළඟ මහ කන්නයේදීත් ගොවීන් වෙත යූරියා පොහොර ලබා දීම සඳහා රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙල පැහැදිලි කළේය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය අතිශයින්ම වැදගත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර යල කන්නයේ ජූනි මස පළමු සතියේදී වගා කර තිබූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් දෙලක්ෂ තිස් අටදහසක් විය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉලක්ක ගත කර තිබුණේ හෙක්ටයාර් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ප්‍රමාණයකි. නමුත් රටේ ජනතාවට ආහාර හිඟයක් ඇති වේ යැයි යන අභියෝගය පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව කුඹුරුවල වී වගාව සඳහා යොමු විය.
“ මට අද හරි සතුටු දවසක්. අපි ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් කුඹුරු වගා කිරීමට ගොවි ජනතාව කැපවී සිටිනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අද උදේ මට වාර්තාවක් ලබා දුන්නා. ඒ අනුව අද දිනය වනවිට ශ්‍රී ලංකාව පුරා කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ පන්දහසක් යල කන්නයේ ගොවි ජනතාව වගා කර තිබෙනවා. ඒක ඉතාම සතුටුදායක ආරංචියක්.” යැයි අමාත්‍යවරයා පැවසීය.