මෙහිදී දෙරටේ කම්කරු ක්ෂේත්‍රය ගැන වැඩි අවධානයක් යොමුවිය. විශේෂයෙන්ම කොරියානු යුද්ධයෙන් පසුව සංවර්ධිත රටක් බවට දකුණු කොරියාව පත්ව ඇති ආකාරය ගැන මනුෂ නානායක්කාර ඇමැතිවරයා අවධානය යොමු කළ අතර එහිදී ආයෝජකයින් ආකර්ශණය කරගත හැකි ආකාරයට කම්කරු නීති සකස් කළ ආකාරය ගැන අධ්‍යනය කරමින් සිටින බව පැවසුවේය. ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු ඇමැතිවරයා වෙත ලබාදෙන බවට තානාපතිවරයා සහතික විය.
කොරියාවේ පවතින දියුණු තාක්ෂණය ලංකාවේ තරුණ ශ්‍රමිකයින්ට ලබාදීමේ වැදගත්කම මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැහැදිළි කළ අතර එයට තානාපතිවරයාගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවිය. ඒ අනුව කොරියාවේ ඉහළ තාක්ෂණයක් ඇති ආයතනවල ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලංකාවට පැමිණ පාසල් හැර ගිය සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය.
මෙරට ශ්‍රමිකයින්ට කොරියානු රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමැතිවරයා අවධානය යොමු කළ අතර වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට නැවත වරක් රැකියා අවස්ථා ලබාදීමට ඇති හැකියාව ගැන සලකා බලන ලෙසද ඉල්ලා සිටියේය. එවැනි ශ්‍රමිකයින්ට ලබාදිය යුතු ඊ 7 වර්ගයේ වීසා ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොරියානු රජයේ අවධානය යොමු කිරීමටද තානාපතිවරයා සහතික විය