වැව් ගම් පුබුදුව වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නැංවේ. එම වගා කටයුතු සැලසුම් කිරීමේ විශේෂ හමුවක් පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා අවශ්‍ය මුං බීජ ඉදිරි දින දෙක ඇතුළත ගොවින්ට බෙදාදීමට යෝජනා විය. අතුරු කන්නයක් ලෙස මුං වගා කිරීමේදි එමගින් ඊළඟ කන්නය සඳහා කුඹුරට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලැබීමද විශේෂත්වයකි.
මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා, පළාත් කෘෂ්කර්ම අධ්‍යක්ෂ ආචාර්ය එම්. හුසේන්, ගෝමරන්තඩවල සහ මොරවැව ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, අදාළ ව්‍යාපෘති වල අධ්‍යක්ෂවරුන්, ග්‍රාම නිලධාරීවරුන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.