මෙම නිළ හමුවේදී ජපාන ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, රාජකාරි කාලසීමාව තුලදී ජපාන ආරක්ෂක උපදේශක විසින් ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිය කෘතවේදීත්වය පල කර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනමන ලදි.
එමෙන්ම, නාවික හමුදාධිපති විසින් මෙම නිළ හමුව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් යුකි යොකොහාරි (Captain Yuki YOKOHARI) උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.