අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
යුරියා මෙ. ටොන්. 65,000ක් සහිත පොහොර තොගයෙන් මෙ. ටො. 40,000ක පළමු තොගය මෙම නැවේ ඇතුළත් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන්25,000 දෙවන අදියර යටතේ ලැබීමට නියමිතය. මෙම යූරියා මෙට්‍රික් ටොන් 65,000න් 30,000ක් වී වගාව සඳහාත්, මෙ. ටොන්. 20,000ක් බඩඉරිගුවගාව සඳහාත් ලබා දීමට නියමිත අතර ඉතිරි පොහොර තොගය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි තේ වගාව සඳහා වෙන් කර තිබේ.
ඉන්දීය රජය විසින් ලබා දෙන මෙම යූරියා පොහොර ප්‍රමිතියෙන් බාල බවට පසුගිය කාලයේදී ඇතැම් පිරිස් මාධ්‍ය වෙත විවිධ අදහස් පළකර තිබුණි.නමුත්අන්තර්ජාතික රසායනාගාර තුනකින් මෙම යූරියා පොහොරවල අන්තර්ගත බයියුරේට් ප්‍රතිශතය 1% ට වඩා අඩු බවත්, එම පොහොරවල ප්‍රමිතිය උසස්තත්ත්වයේ පවතින බවත් තහවුරු කර තිබේ.කෙසේ වුවද කොළඹ වරායේදී පොහොර තොගය ගොඩබෑමට පෙර ශ්‍රී ලංකාවද රසායනාගාර පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා;
යූරියා පොහොර තොගය සහිත නැව ඕමාන් වරායේ සිට අපේ රටට පැමිණීමට කිසියම් ප්‍රමාදයක් සිදු වූ නිසා සමාජ මාධ්‍ය තුළත් , සමහර දේශපාලන පක්ෂත්මේ නැවට බාලගිරි දෝෂය යැයි චෝදනා කළා. මෙම පොහොර තොගය සහිත නැව කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබුණේ 09 දා රාත්‍රියේයි.නමුත්ඊට පෙර 09 වන දින පෙරවරු 11.00 ට මෙම නැව කොළඹ වරායට ළඟා වෙනවා.මෙම නැවට බාලගිරි දෝෂය යැයි චෝදනා කළ අයට මම කියන්නේබාලගිරි දෝෂය වචනය වෙනුවට වෙනත් සුදුසු වචනයක් ඇත්නම් යොදාගන්නා ලෙසයි.
හෙට (09) පස්වරුවේම අපි මෙම පොහොර බෙදා හැරීම ආරම්භ කරනවා.දින 10 ක් තුළ ලොරි රථ 800 ක් යොදා ගනිමින් ලොරි තොග 2000 ක් හරහාඅපි ගොවිජනසේවා මධ්‍යස්ථාන 566 ක් මඟින් පොහොර බෙදා දීමට පියවර ගන්නවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර වී අලෙවි මණ්ඩලය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය අද (08) වී අලෙවි මණ්ඩලයේ වී තොග සහල් බවට පත් කිරීම සඳහා ගිවිසුමක්අත්සන් කරනු ලැබීය.ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වී මෝල්වල දී සහල් සකස්කර වෙළඳපොලට යොමු කිරීම මෙම ආයතන දෙක මඟින් සිදුකිරීමට නියමිතය.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා , වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිපාලින්ද සාගර මහතා මේ සදහා සහභාගී විය.